Wednesday, October 10, 2018

සිංහරාජ වන රක්ෂිතය


සිංහරාජ වන රක්ෂිතය 

        ශ්‍රී ලංකාවෙහි මධ්‍යම කදුකරයේ නිරිත දිගින් පිහිටි රක්වාන කදුවැටියේ උස මීටර 300-1170 සීමාවේ, හේක්ටයාර 11250 ක පැතිර පවතින ජාතික වනෝද්‍යානයකි. එය අන්තර්ජාතික අවධානයට ලක් වී ඇති අතර යුනෙස්කෝව විසින් ජෛවගෝල රක්ෂිතයක් සහ ලෝක උරුම අඩවියක් ‍ලෙසට නම් කොට ඇත.
       ශ්‍රී ලංකාවෙහි පහතරට වැසි වනාන්තර පරිසර කලාප‌‍යේ ‌‍කොටසක් වන ‌‍මෙම ‍නොඉඳුල් කඳුකර වැසි වනාන්තරය, පිවිසු‌ම් අපහසුතාව හේතුවෙන් වාණිජකරණයට ලක් වී‍මෙන් ආරක්ෂා විය. මෙය 1978 වස‌‍රේ දී ‍ජෛවගෝල රක්ෂිතයක් ‌‍ලෙස ද, 1988 වස‌‍රේ දී ‍ලෝක උරුමයක් ‍ලෙස ද නම්‍‍‍ කොට තිබීම ඒ සඳහා තවත් හේතුවක් විය. ‌රක්ෂිත‌‍යේ “සිංහරාජය” යන නාමය “සිංහරජදහන” අරුත් ‍දේ.

සිංහරාජය තුළ ඇති නොයෙක් දියඇලි අතරින් වඩා ජනප්‍රිය දුහුවිලි ඇල්ල. (amazinglanka.com)






























        රක්ෂිතයේ නැගෙනහිර දෙස සි‍ට බටහිර දෙසට දුර කි.මි. 21ක් සහ උතුරු දෙස සිට දකුණු දෙසට උපරිම දුර කි.මි. 7ක් වුව ද ඵය ශාක විශේෂ මෙන් ම කෘමීන්, උභයජීවීන්, උරඟයින්, පක්ෂීන් සහ ක්ෂීරපායීන් ඇතුළු ආවේණික ජීවී විශේෂ සඳහා සුරක්ෂිත අභය භූමියකි.
     ඝන ශාක වැස්ම හේතුවෙන් යාල වැනි වියලි කලාපීය වනෝද්‍යාන මෙන් වන සතුන් මෙහි දී පහසුවෙන් දැක ගත හැකි නොව්. මෙහි දී අලි දැකගත නොහැකි අතර දිවියන් ද දක්නට ලැබෙනුයේ දුලබ වශයනි. බහුලව ම දැකිය හැකි විශාල ම ක්ෂීරපායි ජීවියා වනුයේ, ශ්‍රී ලංකා අළු වඳුරා යි. 


      එක් ආශ්වාදජනක සංසිද්ධියක් වනු‌‌‍යේ පක්ෂීන් ‌‍බොහෝ විට ආහාර ‍‍සොයා යාම සඳහා සාමූහික රංචු වශ‌‍යෙන් හැසිරීමට ප්‍රවණතාවයක් දැක්වීම යි. මෙවැනි ‍රංචුවක් ‍‍බොහෝ විට මහ කවුඩා සහ රතු දෙමළිච්චා යන පක්ෂී විශේෂ වලින් සමන්විත වේ. මෙවැනි ‍රංචුවක පෙරමුණ ගන්නා මහ කවුඩා ප්‍රචණ්ඩකාරී පක්ෂියෙකු ලෙස ද රතු දෙමළිච්චා ඝෝෂාකාරී පක්ෂියෙකු ලෙසද ප්‍රචලිත ය. 





සිංහරාජයට ආවේණික වූ ශාක

සිංහරාජයට ආවේණික වූ ශාක



යෝධ මීවන

මේ යෝධ මීවන විශේෂය සිංහරාජයට ආවේණික වේ. මෙය මීටර දෙකේ සිට මීටර පහක් පමණ උසට වැඩේ.

සිංහරාජය ගැන ඔබ නොදත් තොරතුරු




     හෙක්ටයාර 11,000 කට අධික වපසරියකින් යුතු සිංහරාජ වනාන්තරය අතීතයේ හඳුන්වා ඇත්තේ මහමුකලාන නමින්. ලංකාවේ පවතින එකම ලෝක උරුම වනාන්තරය වන මේ කැලයට වසරකදී මි.මි.3000ත් 6000ත් අතර වර්ශාපතනයක් ලැබෙනවා. මේ වනාන්තරය ජෛවගෝල රක්ෂිතයක් විදිහට ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ 1978 දී. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය විසින්.

දැන් අපි කියන්නේ යන්නේ සිංහරාජ වනාන්තර වසර 500 ක කාලයක් තුල පසුකල වැදගත් සන්ධිස්ථාන කිහිපයක් ගැනයි.
  • 1656 දී පෘතුගීසින් විසින් තෝම්බු වලට සිංහරාජය ඇතුලත් කරන ලදී.
  • 1789 දී ලන්දේසින් විසින් සිංහරාජය සිතියම් ගත කරන ලදී.
  • 1840 දී මුඩුබිම් පනත මගින් සිංහරාජය රජයට අයත් භූමියක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.
  • 1875 දී විශේෂ ගැසට් නිවේදනයක් මගින් සිංහරාජය තුල දැව කැපීම හා ඉවත් කිරීම සිමකිරිම.
  • 1907 දී සිංහරාජ වනාන්තරයේ පරිපාලන කටයුතු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙන පැවරීම
  • 1909 දී ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක එක්කරමින් සිංහරාජ රක්ෂිතය හෙක්. 3595.5 දක්වා පුළුල් කිරීම.
  • 1920 දී රක්ෂිතය හෙක් : 4183 දක්වා පුළුල් කිරීම.
  • 1926 දී සිංහරාජය දේශගුණික රක්ෂිතයක් ලෙස නම් කිරීම
  • 1971 දී වරණිය හෙලීම් යටතේ දැව ඉවත් කිරීම.
  • 1978 දී යුනෙස්කෝ සංවිධානය මගින් සිංහරාජය “මිනිසා සහ ජෛවගෝල රක්ෂිතයක්” ලෙස නම් කිරීම.
  • 1988 දී සිංහරාජය ජාතික උරුම වනභුමියක් ලෙස නම් කිරීම.
  • 1989 දී සිංහරාජය ලෝක උරුම වනභුමියක් ලෙස හෙක් : 11187 භූමියක් නම් කිරීම.




භූගෝගීය ලක්ෂණ 

             සිංහරාජ වනය නිරන්තර වැසි වනාන්තරයක් වී ඇති අතර මෙයට නිරිතදිග හා ඊසානදිග යන මෝසම් දෙකින්ම වැසි ලැබෙයි. එහෙත් වනාන්තරයට වැඩිම වර්ෂාපතනයක් ලැබෙනුයේ නිරිතදිග (මැයි-සැප්තැම්බර්) මෝසම් සුළඟිනි. එහි සාමාන්‍ය වර්ෂාපතනය මිලි මීටර් 3000-6000 පමණවේ. අඩුම වර්ෂාපතනය මිලි මීටර් 50ක් පමණ වේ.
         සිංහරාජ නැරඹිම සඳහා මහජනයාට විවෘත ප‍්‍රදේශයට ඇතුළුවීමට මාර්ග සතරක් ඇත. එනම් කලවාන වැද්දාගල මාර්ගය, රක්වාන මෝනින් සයිඞ් මාර්ගය, හිනිදුම නෙලූව මාර්ගය සහ දෙනියාය පල්ලෙගම මාර්ග ඔස්සේ පැමිණිය හැක. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වන්නෙකු නොමැතිව මෙම පෙදෙස්වලට ඇතුළුවීමට අවසර දෙනු නොලැබේ.
         මුහුදු මට්ටමේ සිට මීටර් 300 x 1170 (අඩි 1000 x 4000) ක් උස සිංහරාජය, සබරගමුව සහ දකුණු පළාත්වලට අයත්ව රක්වාන කඳුපන්තියේ බෑවුම් සහ නිම්න ඔස්සේ පැතිර ඇත. මෙහි මීටර් 600 ට වැඩි කඳු හතක් දැකිය හැකිය.ඒවා නම් හිනිපිටිගල(මීටර් 1168), තිබ්බොට ගල(මීටර් 904), කොස්ගුලන(මීටර් 797),දෝතලූගල (මීටර් 769),මුලාවැල්ල (මීටර්742) හා සිංහගල(මීටර් 742),පතිනිගල (මීටර් 605) යන කඳුමුදුන්ය. මෙහි උසම ස්ථානය හිනිපිටිගල (බටහිර) කඳුමුදුනයි. මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 1170 උසය. අවම උස මීටර් 90කි.





සිංහරාජයට ආවේණික වූ සත්වයින්




Image result for සිංහරාජ ජාතික උරුම වන අභය භූමිය, Deniyaya




ලෝක උරුම සංරක්ෂිත වන උයනක් වන සිංහරාජය තුළ විශාල සත්ත්ව ප‍්‍රජාවක් දක්නට හැකිය. සමනල විශේෂ 65ක් පමණ මෙහි දක්නට හැකිය. ශී‍්‍ර ලංකාව තුළ දැකිය හැකි විශාලම සමනලයා වන (la‍ommon Birdwing) හා වෙනත් සුලබ සමනල විශේෂද ලංකාවට පමණක් ආවේණික සමනල විශේෂ රැුසක්ද සිංහරාජයේ සිටි. මේ අතරම ලංකාවට පමණක් ආවේණික වූ විශේෂ සත්ත්ව විශේෂ 10ක් ද, වන අතර මෙහි මෙතෙක් සොයාගෙන ඇති ආවේණික සත්ත්ව විශේෂද ඇතුළත්ව සම්පුර්ණ උභයජීවී විශේෂ 27ක් ද සොයාගෙන ඇත. මෙහි ඇති උරග විශේෂ සංඛ්‍යාව 43කි. ආවේණික 
 පක්ෂි විශේෂ 26න් 25ක්ම මෙම වනාන්තරය තුළ සිටින බව හඳුනාගෙන ඇති අතර වනාන්තරය තුළින් හදුනාගෙන ඇති පක්ෂි විශේෂ සංඛ්‍යාව 158 කි. විශාල සත්ත්ව ප‍්‍රජාවකින් සමන්විත සිංහරාජය තුළ ක්ෂීරපායින් සත්ත්ව ප‍්‍රජාවක්ද දක්නට හැකිය.මෙහි ක්ෂිරපායි 40ක් පමණ හඳුනාගෙන ඇති අතර ඉන් ලංකාවට ආවේණික ක්ෂීරපායි සත්ත්ව විශේෂ 07 ක් හඳුනාගෙන ඇත.
















සිංහරාජයේ දක්නට ලැබෙන ශ්‍රී ලංකාවට ආවේණික රතු මුහුණු මල් කොහා. රූපය : විකිපීඩියා




















තල්කොස්සා, දම්කොළ සාලයා, මඟුරා, ලේ තිත්තයා, හිත මත්සයා, බුලත් හපයා, ගල් පාඩියා, වයිරං අභිරාවා, කොළ කනයා






සිංහරාජ වන රක්ෂිතය

සිංහරාජ වන රක්ෂිතය          ශ්‍රී ලංකාවෙහි මධ්‍යම කදුකරයේ නිරිත දිගින් පිහිටි රක්වාන කදුවැටියේ උස මීටර 300-1170 සීමාවේ, හේක්ටයාර 1125...