හෙක්ටයාර 11,000 කට අධික වපසරියකින් යුතු සිංහරාජ වනාන්තරය අතීතයේ හඳුන්වා ඇත්තේ මහමුකලාන නමින්. ලංකාවේ පවතින එකම ලෝක උරුම වනාන්තරය වන මේ කැලයට වසරකදී මි.මි.3000ත් 6000ත් අතර වර්ශාපතනයක් ලැබෙනවා. මේ වනාන්තරය ජෛවගෝල රක්ෂිතයක් විදිහට ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ 1978 දී. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය විසින්.
දැන් අපි කියන්නේ යන්නේ සිංහරාජ වනාන්තර වසර 500 ක කාලයක් තුල පසුකල වැදගත් සන්ධිස්ථාන කිහිපයක් ගැනයි.
- 1656 දී පෘතුගීසින් විසින් තෝම්බු වලට සිංහරාජය ඇතුලත් කරන ලදී.
- 1789 දී ලන්දේසින් විසින් සිංහරාජය සිතියම් ගත කරන ලදී.
- 1840 දී මුඩුබිම් පනත මගින් සිංහරාජය රජයට අයත් භූමියක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.
- 1875 දී විශේෂ ගැසට් නිවේදනයක් මගින් සිංහරාජය තුල දැව කැපීම හා ඉවත් කිරීම සිමකිරිම.
- 1907 දී සිංහරාජ වනාන්තරයේ පරිපාලන කටයුතු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙන පැවරීම
- 1909 දී ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක එක්කරමින් සිංහරාජ රක්ෂිතය හෙක්. 3595.5 දක්වා පුළුල් කිරීම.
- 1920 දී රක්ෂිතය හෙක් : 4183 දක්වා පුළුල් කිරීම.
- 1926 දී සිංහරාජය දේශගුණික රක්ෂිතයක් ලෙස නම් කිරීම
- 1971 දී වරණිය හෙලීම් යටතේ දැව ඉවත් කිරීම.
- 1978 දී යුනෙස්කෝ සංවිධානය මගින් සිංහරාජය “මිනිසා සහ ජෛවගෝල රක්ෂිතයක්” ලෙස නම් කිරීම.
- 1988 දී සිංහරාජය ජාතික උරුම වනභුමියක් ලෙස නම් කිරීම.
- 1989 දී සිංහරාජය ලෝක උරුම වනභුමියක් ලෙස හෙක් : 11187 භූමියක් නම් කිරීම.